"අපි බටහිර රටවල් වගේ බලපෑම් කරන්නේ නැහැ" - නාටෝ සබඳතා ගැන රුසියානු තානාපති කියන කතාව

Report

ශ්‍රී ලංකාව උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (NATO) සමඟ ආරක්ෂක සහයෝගීතාවක් ඇති කර ගැනීමට දරන උත්සාහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ධජගාරියන් මහතා පවසා ඇත්තේ එය ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික කරුණක් බවයි.

ශ්‍රී ලංකාව උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් රුසියාව කනස්සල්ලට පත්වන්නේ දැයි කළ විමසීමකදී තානාපතිවරයා පවසා ඇත්තේ, “නැහැ. එය ඔබගේ ද්විපාර්ශ්වික කරුණක්. බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” යනුවෙනි.

මේ අතර, කැනඩාවේ වික්ටෝරියා නුවර පැවති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගේ සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සහ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ හමුදා කමිටුවේ සභාපති අද්මිරාල් ජුසෙපේ කැවෝ ඩ්‍රැගෝන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.

චීන ජනපති ෂී ජින්පින් ඇමෙරිකාවේ තෙදින රාජ්‍ය සංචාරයක

චීන ජනපති ෂී ජින්පින් ඇමෙරිකාවේ තෙදින රාජ්‍ය සංචාරයක

එම සාකච්ඡාවේදී හමුදා නවීකරණය, සයිබර් සූදානම, උසස් තාක්ෂණය සහ ආපදා ප්‍රතිචාර කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම ආරක්ෂක දෘඩාංග නවීකරණය, නව තාක්ෂණයන් ලබා ගැනීම, නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම, කාර්ය මණ්ඩල පුහුණුව සහ තොරතුරු හුවමාරුව පුළුල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ. එමෙන්ම ආරක්ෂක දෘඩාංග නවීකරණය, නව තාක්ෂණයන් ලබා ගැනීම, නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම, කාර්ය මණ්ඩල පුහුණුව සහ තොරතුරු හුවමාරුව පුළුල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

හදිසි මෙහෙයුම් සඳහා ඩ්‍රෝන යානා භාවිතය ඇතුළුව මානුෂීය ආධාර සහ ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම ද සම්පත් තුයියකොන්තා මහතා එහිදී අවධාරණය කර ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරන ලෙස උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

පාසල් සිසුන්ට රජයෙන් ව්‍යායාම උපකරණ කට්ටල - පාසල් 500ක් වෙනුවෙන් නොමිලේ

පාසල් සිසුන්ට රජයෙන් ව්‍යායාම උපකරණ කට්ටල - පාසල් 500ක් වෙනුවෙන් නොමිලේ

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු යුරෝපීය සහ උතුරු ඇමරිකානු රටවල් එක්ව පිහිටුවා ඇති දේශපාලන හා හමුදාමය සන්ධානයක් වන අතර, එහි සාමාජික රටවල් සාමූහික ආරක්ෂාව සඳහා කැපවී සිටී.

මේ අතර, යුක්‍රේනය සම්බන්ධයෙන් පවතින යුද්ධය හේතුවෙන් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සහ රුසියාව අතර සබඳතා දැඩි ආතතියකට ලක්ව ඇති බව වාර්තා වේ.  

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්