අන්දමන් සහ උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුද කැළඹෙයි - වහාම ඉවත් වන්නැයි සියලුම ධීවරයින්ට දැනුම්දීමක්
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අන්දමන් දූපත් ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත සියලුම බහුදින ධීවර යාත්‍රාවලට එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වී ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ අන්දමන් දූපත් ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එම මුහුදු ප්‍රදේශයේ තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
මේ අතර ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේ, අඩු පීඩන කලාපය ක්‍රමයෙන් බලවත් වී ඉන්දියාව දෙසට ගමන් කර ඉන්දීය ගොඩබිම වෙත ළඟාවීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්
එබැවින් අන්දමන් සහ උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිටින බහුදින ධීවර යාත්‍රා කඩිනමින් එම අඩු පීඩන කලාපයෙන් දුරස් වී දකුණු දිශාවට, එනම් ශ්‍රී ලංකාව දෙසට ගමන් කරන ලෙස දන්වා ඇත.
එසේ වුවත් තවදුරටත් එම ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රා කිහිපයක් ධීවර කටයුතුවල නිරත වන බව නිරීක්ෂණය වී ඇති බවත්, ඉදිරි දිනවල ඇතිවිය හැකි රළු මුහුදු තත්ත්වය සහ තද සුළං නිසා එම යාත්‍රාවලට සහ කාර්ය මණ්ඩලවලට අනතුරු සිදුවිය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර ඇත.
එසේම අඩු පීඩන කලාපයේ බලපෑම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලටද දැනිය හැකි බැවින්, කුඩා පරිමාණ ධීවර කටයුතුවල නිරත ධීවරයින් දෛනික මුහුදු තත්ත්වය සහ සුළඟේ වේගය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම්දී තිබෙනවා.
එමෙන්ම පවතින තත්ත්වය මත දිවයින පුරා ධීවර කටයුතු තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති අතර, තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් පවතින බවද එම සඳහන් කරයි.
හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිකුත් කරන නවතම කාලගුණ නිවේදන සහ ආරක්ෂිත උපදෙස් අනුව මුහුදු යාම හෝ නොයාම තීරණය කරන ලෙස සියලුම ධීවරයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එසේම මුහුදු යන අවස්ථාවේදී, ධීවර කටයුතුවල නිරත වන විට සහ යළි වෙරළට පැමිණෙන අවස්ථාවේදී ජීවිත ආරක්ෂක කබා අනිවාර්යයෙන්ම පැළඳ සිටින ලෙසද ධීවරයින්ට දැනුම්දී තිබෙනවා.
තවද අදාළ ප්‍රදේශයේ සිටින බහුදින ධීවර යාත්‍රාවල හිමිකරුවන්ට ගොඩබිම සිට දැනුම්දීම් සිදුකර තිබෙන අතර, ගුවන්විදුලි සන්නිවේදන උපකරණ හරහා යාත්‍රාවල කාර්ය මණ්ඩල වෙතද එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් පවසයි.
ලංකාවම සලිත කරමින් මේ අයට වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වෙන්නැයි උපදෙස් - භූමි අස්ථාවරතා ඇතිවීමේ අවදානමක්