''නව ඇමරිකානු තානාපති ශ්‍රී ලංකාවට දුන් පණිවුඩය මොකක්ද?'' - නියෝජ්‍ය මුදල් ඇමති හමුවෙයි

Report

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් එස්. මේයර් සහ කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අතර හමුවක් අද (21) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා රජය අනුගමනය කරන මූල්‍ය විනය සහ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරයා සිය ප්‍රසාදය පළ කළ බව සඳහන් වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳවද ඔහු අදහස් පළ කර තිබේ. හමුවේදී නව තානාපතිවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් ආචාර්ය අනිල් ජයන්ත මහතා එරික් එස්. මේයර් මහතාට සුබ පැතුම් එක් කළේය.

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය මේ වනවිට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වී ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එම ස්ථාවරත්වයේ සිට ආර්ථික පරිවර්තනයක් කරා ගමන් කිරීමේදී විදේශ ආයෝජන සහ වෙළඳාමට ඇති වැදගත්කම පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ. එම කටයුතු සඳහා සහාය ලබාදීමට එක්සත් ජනපද තානාපතිවරයා එකඟ වූ බවද සඳහන් වේ.

ලබන ජුනි වෙනකොට මේ රාජ්‍ය නිලධාරීන්ට අලුත් නිල ඇඳුමක් එක්ක අයවැය ලේඛණයෙන් දීමානාවකුත් - ජනපති

ලබන ජුනි වෙනකොට මේ රාජ්‍ය නිලධාරීන්ට අලුත් නිල ඇඳුමක් එක්ක අයවැය ලේඛණයෙන් දීමානාවකුත් - ජනපති

පනවා ඇති විදුලි සීමා ගැන බලශක්ති ඇමතිගෙන් සුබ ආරංචියක් - මේ පාරිභෝගිකයින්ට බදු සහන දීමටත් සැලසුම්

පනවා ඇති විදුලි සීමා ගැන බලශක්ති ඇමතිගෙන් සුබ ආරංචියක් - මේ පාරිභෝගිකයින්ට බදු සහන දීමටත් සැලසුම්