එංගලන්තයට එරෙහි තීරණාත්මක සටනක් - කාසියේ වාසිය ශ්රී ලංකාව මුලින්ම පන්දු යැවීමට තීරණය කරයි
එංගලන්තයට එරෙහි තීරණාත්මක සටනක් - කාසියේ වාසිය ශ්රී ලංකාව මුලින්ම පන්දු යැවීමට තීරණය කරයි පාකිස්තානයේ පැවැත්වෙන එක්දින තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (ඔක්තෝබර් 22) රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වේ.
කණ්ඩායම් දෙකම තරගාවලියේ පළමු ජයග්රහණය සොයමින් මෙම තරගයට පිවිසිය.
එංගලන්ත කණ්ඩායම හැරී බෘක්ගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර, ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ කුසල් මෙන්ඩිස් විසිනි.
එංගලන්තය සිය පළමු තරගයේදී පාකිස්තානය හමුවේ ලකුණු 87ක පරාජයක් ලැබීය.
එම තරගයේදී ලකුණු 303ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට පන්දුවාර 38.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 215ක් පමණි.
කාසියේ වාසිය ශ්රී ලංකාවට
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ශ්රී ලංකා කණ්ඩායමට දුනිත් වෙල්ලාලගේ කැඳවා ඇති අතර, සචින්දු කොළඹගේ කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
එංගලන්ත කණ්ඩායම ද වෙනස්කම් දෙකක් සිදුකරමින් ජොෂ් ටංග් සහ ලියම් ඩෝසන් කණ්ඩායමට කැඳවා ඇත. ඒ අනුව සොනී බේකර් සහ අදිල් රෂීඩ් අද තරගයට ක්රීඩා නොකරති.