අවධානයෙන් සිටින්න - ප්රධාන ජලාශ 14ක් සහ මධ්ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්රධාන ජලාශ 14ක් සහ මධ්ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්රධාන ජලාශ පහක සහ මධ්යම පරිමාණ ජලාශ දෙකක වාන් දොරටු විවෘත කර ඇති බවයි.
ඒ අනුව, දැදුරුඔය ජලාශයේ අඩි පහ බැගින් වාන් දොරටු දෙකක්, අඩි හතර බැගින් වාන් දොරටු හතරක් සහ අඩි තුන බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.
එම ජලාශයෙන් දැදුරු ඔයට මුදාහරින ජල ධාරිතාව තත්පරයට ඝනමීටර් 22,400ක් බව සඳහන් වේ.
කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ''දිවයිනට අඩු පීඩන බලපෑමක් නිසා ඔක්තෝබර් 27 දක්වා අවධානයෙන් සිටින්න''
රාජාංගනය ජලාශයේ ද අඩි පහ බැගින් වාන් දොරටු හතරක්, අඩි හතර බැගින් වාන් දොරටු හතරක්, අඩි තුන බැගින් වාන් දොරටු හතරක් සහ අඩි දෙක බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.
එම ජලාශයෙන් කලා ඔයට මුදාහරින ජල ධාරිතාව තත්පරයට ඝනමීටර් 14,288ක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව කිඹුල්වානා ඔය වැව, අඹකොළවැව සහ අලිකොට ආර යන ජලාශවල ද වාන් දොරටු විවෘත කර තිබේ. එමෙන්ම, තවත් මධ්ය පරිමාණ ජලාශ නවයක් වාන් මට්ටමට පැමිණ ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්රකාශ කරයි.