අකුරැස්සේ සිරි ධම්මවිමල හිමි අභිනව රාජෝපවනාරාමාධිපති ධුරයට පත්වෙයි
ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරය සඳහා රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත් කර තිබේ.
ඒ, එම විහාරස්ථානයේ අධිපති ධුරය දැරූ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් අපවත්වීමෙන් පසුවය.
කැප්පිටියාගොඩ සිරිවිමල අනුනායක හිමියෝ පසුගිය 18 වැනිදා අපවත් වූහ.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට 96 වැනි වියේ පසුවූහ.
බෞද්ධ හා සංස්කෘතික අභිවෘද්ධියට සුවිශේෂී මෙහෙවරක් අපවත් වී වදාළ කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය සහ සංස්කෘතික අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ යතිවරයාණන් වහන්සේ නමකි.
එමෙන්ම ජාතික හා ආගමික වශයෙන් වැදගත් අවස්ථාවලදී රට සහ ආගම වෙනුවෙන් අභීතව හඬ නැඟූ හිමිනමක් ලෙස ද උන්වහන්සේ ගෞරවාදරයට පාත්ර වූහ.
රාජ්ය අනුග්රහය සහිතව අවසන් ගෞරව අපවත් වී වදාළ කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය සහිතව ඊයේ (21) පස්වරු 2.00ට ගැටඹේ නාගරික ක්රීඩාංගණයේදී සිදු කෙරිණි.
කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ''දිවයිනට අඩු පීඩන බලපෑමක් නිසා ඔක්තෝබර් 27 දක්වා අවධානයෙන් සිටින්න''