විදුලිය ප්‍රශ්න මේ කාලේ අනවසරයෙන් විදුලිය ලබාගත් පුද්ගලයන් 18ක් පොලිසියට මාට්ටු

arrested trending news gagana news today news sri lanka sinhala news
By krishani Jan 20, 2022 06:29 AM GMT
krishani

krishani

Report

තලවකැලේ වටගොඩ වතු නිවාස යෝජනා ක්‍රමයට අනවසරෙන් විදුලිය ලබාගත් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ වැටලිම් ඒකකයේ නිලධාරින් විසිනුයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

තලවකැලේ ඔස්පොඩ් වත්තේ අලුතින් ඉදි කරන ලද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 20ක් ඉදි කර ඇති අතර ,එම නිවාස යෝජනා ක්‍රමයට මෙතෙක් විදුලිය ලබා දී නෑ.

ඒ හේතුවෙන් එම නිවාසවල පදිංචිකරුවන් නිවාස ආසන්නයෙන් ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියෙන් අනවසරෙන් විදුලිය ලබාගෙන ඇති බව යි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ අනවසරෙන් විදුලිය ලබාගත් විදුලි රැහැන් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් (20) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, වැඩිදුර පරීක්ෂණ තලවකැලේ පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now