පන්නපු සුසිල්ට ඇමති ලන්සාගෙන් සුපිරි ඩිනර් එකක්!

#politics#sri lankan politics#sri lanka sinhala news#sri lanka political news#
By krishani Jan 08, 2022 05:18 AM GMT
krishani

krishani

Report

අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත් මහතා හට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ කොල්ලුපිටියේ පිහිටි රමාඩා හෝටලෙයේදී මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පිරිනමා ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී තීරණාත්මක දේශපාලන සාකච්ජාවක් පැවැත්වී ඇති බවත්, යම් යම් දේශපාලන තීන්දු කිහිපයක් රැගෙන විත් ඇති බවත් පැවසේ.

සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා මෙන්ම නිමල් ලන්සා මහතාද පසුගිය සතියේ ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වා තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now