ඔන්චිල්ලාවක සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකුට සිදු වූ වේදනාත්මක සිදුවීම..

By Sithumi Aug 09, 2022 03:49 PM GMT
Sithumi

Sithumi

Report

අද (09) පෙරවරුවේ පාසල තුළ ඔන්චිල්ලාවක සෙල්ලම් කරමින් සිටි දරුවෙක් අනතුරකට ලක්වී මිය ගොස් තිබෙනවා.

එලෙස මියගොස් තිබුණේ මොරටුව විල්ලෝරාවත්ත ඥානිස්සර බෞද්ධ විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙක්.

යකඩ බටවලින් සහ තහඩුවලින් තනන ලද එම ඔන්චිල්ලාවේ සිසුන් 05 දෙනෙකුට වැඩි පිරිසක් විනෝද වෙමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙන අතර ලුනාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසුව සිසුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ