අහෝ ! කිසිම කලෙක අසන්නට දකින්නට නොලැබේවා - තෙල් පෝලිමෙන් පස්වැන්නත් මරු දකී..
sri lanka
death
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
තෙල් පෝලිමේ සිටියදී සිදු වූ තවත් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් රැඳී සිටි පුද්ගලයෙක්.
පසුගිය සෙනසුරාදා (26) මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැඳී සිටියදී හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ඔහු රෝහල්ගත කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු මිය ගොස් ඇති අතර මරණයට හේතුව හෘදයාබාධයක් බවයි හදිසි මරණ පරීක්ෂණ යෙදී හෙළි වී ඇත්තේ .
පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙලෙස ඉන්ධන පෝලිමේ දී මියගිය පුද්ගලයා 85 වැනි වියේ පසු වන්නෙක්.
ඔහු අතුරුගිරිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |