ජනතාවට සතුටුදායක ආරංචියක් - රටේ විශාල අර්බුදයක් වී ඇති විදුලි අර්බුදය දැන්වත් නවතියි ද..? (VIDEO)

sri lanka decision gagana news sri lanka sinhala news today trending news power cuts
By krishani Mar 25, 2022 11:04 PM GMT
krishani

krishani

Report

විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බව ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (25) පස්වරුවේ ප්‍රකාශ කළා.

ඒ විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන සහ ජල සංචිත නොමැති විම හේතුවෙන් ලබන සතියේ සිට පැය 10 ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිත බවට වාර්තා කිරීමත් සමගයි.

කෙසේ වෙතත් , දැවිතෙල් නොමැති විම හේතුවෙන් පෙරේදා (24) පෙරවරුවේ සිට කෙරලවලපිටිය තාප විදුලි බලාගාරය අක්‍රිය ව පවතිනවා. එමගින් ජාතික පද්ධතියට සැපයු විදුලි ධාරිතාව මෙගාවොට් 270 ක්.

මේ වනවිටත් විදුලි බලාගාර කිහිපයක් අක්‍රියව පවතින්නේ ඉන්ධන සහ ජලය නොමැති විම හේතුවෙන්. සමනල වැවේ ජල මට්ටම අඩු විම නිසා දකුණු පළාතට ලබන සතිය තුළ විදුලිය ලබා දිමේ දැඩි අර්බුදකාරි තත්ත්වය මතුව ඇති බවයි ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩු කියා සිටියේ.

මෙම තත්ත්වය මත බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැවැත්වූණා. ඊට විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු‍ම ආයතනවල නිලධාරින් එක්ව සිටියා.

එම සාකච්ඡාවෙන් පසු ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඉදිරියේදී ලබාදිමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් , කොළඹ ඊයේ කැඳවු මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ පොරොන්දු වු පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලබා දෙන්නේ නම් ලබන සදුදා සිට විදුලි කප්පාදුව පැය 3 ත් 4 ත් අතර, කාලයකට අඩු වන බවයි.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now