විදුලි බිලත් දෙගුණයකින් ඉහළට - වැඩි වෙන්නේ මෙහෙමයිලු !

sri lanka gagana news Sri lanka sinhala news today trending news Light bills
By krishani Mar 19, 2022 04:26 AM GMT
Report

සෑම විදුලි ඒකකයකින්ම රුපියල් දහතුනක පාඩුවක් සිදුවන බැවින් විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි දහහතර දාහක අමතර ආදායමක් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම යෝජනාවලිය අධ්‍යයනය කර සංශෝධන සහිතව අනුමැතිය ලබාදෙන බව එම කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඒකක තිහක් දක්වා වූ විදුලි පාරිභෝගිකයකුට මෙතෙක් කල් විදුලි ඒකකයක් ලබාදුන්නේ රුපියල් දෙකයි ශත පනහකටය.

ඒ සඳහා ස්ථාවර ගාස්තු ලෙස රුපියල් තිහක් අයකරන ලදී. නව යෝජනාවලියට අනුව ඒකකය රුපියල් පහයි ශත පනහ දක්වා වැඩිවන අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 290 දක්වා වැඩි වෙයි.

ඒ අනුව ගෘහස්ථ පරිභෝජනයේදී විදුලිය පාවිච්චිය සඳහා කාණ්ඩ හතක් යටතේ ගාස්තු සංශෝධනය කර තිබේ.

රාජ්‍ය ආයතන, කර්මාන්ත, හෝටල්, වෙළෙඳසල් හා ආගමික සිද්ධස්ථාන සඳහා මිල සංශෝධනය සිදුකර ඇත. කර්මාන්ත සඳහා අවම වශයෙන් 38%ක විදුලි බිල වැඩිවීමක්ද, හෝටල් සඳහා 23%ක විදුලි බිල වැඩිවීමක්ද, රාජ්‍ය ආයතන සඳහා 22%ක් වැඩිවීමක්ද අවම වශයෙන් සිදුවන බව එම යෝජනාවලියේ සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now