යුද්ධය මැද්දේ යුක්රේන ජනපති යුරෝපා පාර්ලිමේන්තුව අමතයි ! මන්ත්‍රීවරුන් ආසනවලින් නැගිට එක දිගට අත්පුඩි ගහයි ! කතාව මැද්දේ පරිවර්තකයාත් හැඟුම්බර වී කඳුලු සලා හදවත් සියල්ලන්ගේ කම්පා කරවන සංවේදී පුවත ! (VIDEO)

world news gagana news Sri lanka sinhala news today trending news Ukraine-Russia attack
By krishani Mar 02, 2022 01:08 AM GMT
krishani

krishani

Report

ඊයේ(01) සවස යුරෝපීය පාර්ලිමේන්තුව අමතනු ලැබීය.

ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. එහිදී යුක්රේන ජනාධිපතිවරයාට යුරෝපිය පාර්ලිමේන්තු සාමාජිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර සියලුම මන්ත්‍රීවරුන් සිය ආසනවලින් නැගිට යුක්රේන ජනාධිපතිවරයාට අත්පොළසන් දී පිළිගනු ලැබ තිබේ.

යුරෝපිය පාර්ලිමේන්තුව අමතමින් යුක්රේන ජනාධිපතිවරයා පවසා සිටියේ තම රට ” සිය පැවැත්ම වෙනුවෙන් සටන් කරමින්” සිටින බවයි. “අපි සටන් කරන්නේ අපේ භූමිය සහ අපේ නිදහස වෙනුවෙන් පමණයි, “අපි ආසයි අපේ ළමයි ජීවත් වෙනවා දකින්න. මම හිතන්නේ ඒක සාධාරණයි.” යුක්රේන ජනාධිපතිවරයා යුරෝපා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කරනු ලැබූ අතර එහිදී එය පරිවර්තනය කරමින් සිටි පරිවර්තකයා හැඟුම්බර වූ බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේය.

“අපි අපේ ජීවිතය වෙනුවෙන් සටන් කරනවා … අපි පැවැත්ම සඳහා සටන් කරනවා. මෙය අපගේ අභිප්‍රේරණයේ ඉහළම අගයයි” යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළේය. “නමුත් අපි සටන් කරන්නේ යුරෝපයේ සමාන සාමාජිකයන් වීමටයි. අද අපි සෑම කෙනෙකුටම පෙන්වමින් සිටිනවා අපි හරියටම කවුරුන්ද වග. මම එය විශ්වාස කරනවා.” ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

“අපි අපේ ශක්තිය ඔප්පු කර තිබෙනවා. අවම වශයෙන්, අපි ඔබ හා සමාන බව අපි ඔප්පු කර තිබෙනවා. ඒ නිසා ඔබ අප සමඟ සිටින බව ඔප්පු කරන්න. ඔබ අපව අත්නොහරින බව ඔප්පු කරන්න. ඔබ ඇත්ත වශයෙන්ම යුරෝපීයයන් බව ඔප්පු කරන්න. එවිට ජීවිතය මරණයෙන් ද ආලෝකය අන්ධකාරයෙන් ද ජය ගනීවි” යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

විඩියෝ දර්ශන - The Telegraph Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now