යුධ ගැටුම් මැද ටොයොටා සිහිනය සිහිනයක්ම වෙන හැඩයි !
gagana news
Sri lanka sinhala news
today trending news
Toyota Company syber attack
By krishani
සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මේ නිසා මෝටර් රථ 13,000ක් පමණ නිෂ්පාදනය නතර වී ඇති බවයි වාර්තා වන්නේ.
ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම සයිබර් ප්‍රහාරය හේතුවෙන් නතර වීම ඊට හේතුවයි.
ජපානය ද යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට තීරණය කළ අතර, මේ නිසා සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |