ලංකාව එපා කීව MCC නේපාලය පැනලා අරගෙන ! ඩොලර් මිලියන ගාණක වාසියක් ඒ අතරම !

MCC world news gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 01, 2022 02:30 AM GMT
Report

නේපාලයේ විදුලි බල සම්ප්‍රේෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම සහ මාර්ග සංවර්ධනය කිරීමට අදාළව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කළ MCC ගිවිසුමට අත්සන් තැබිමට නේපාල පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.

මේ පිළිබඳව පැවැති ඡන්ද විමසීමේදී පාලක පක්ෂය බහුතරයකින් ජයගත් බව නේපාල මාධ්‍ය වාර්තා කරයි. ගිවිසුමට අත්සන් කිරීම වසරකට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබුණි. ඒ විපක්ෂය ඒ සඳහා විරෝධයක් එල්ල කිරීම හේතුවෙනි. ගිවිසුම අත්සන් කිරීම සඳහා නේපාලයට ලබාදී තිබූ කාලය ඊයේ (28දා) අවසන් වීමට නියමිතව තිබුණි.

එම්.සී.සී. ගිවිසුම හරහා නේපාලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක (රුපියල් බිලියන 100කට අධික මුදලක්) ප්‍රදානයක් ලැබීමට නියමිතව තිබේ.

මින් පෙර ශ්‍රී ලංකාවට ද ඇමෙරිකාව සමග ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා අමෙරිකාව සමග ගිවිසුම්ගත වීමේ හැකියාවක් පැවතුණත් වර්තමාන රජය ඒ සඳහා උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් ඇමෙරිකාව විසින් එය අත්හැර දැමීමට කටයුතු කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now