ඉන්දියාවෙන් අපිට ලැබෙන අලුත්ම පැකේජය !

India sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 27, 2022 08:58 AM GMT
krishani

krishani

Report

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1ක ආර්ථික ආධාර පැකේජයක් ලැබීමට නියමිත බව වාර්තා වනවා.එය අනුමත කිරීම අවසන් අදියරට පැමිණෙමින් තිබෙන බවත් සඳහන්.

මේ අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ ප්‍රේෂණ මේ වසරේ ජනවාරි මාසයේදී පසුගිය වසරට සාපේක්ෂව සියයට 61.6 කින් පහත වැටී තිබෙනවා.

මහ බැංකුව නිකුත් කළ නවතම දත්තවලට අනුව ජනවාරි මාසයේදී එලෙස ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 259.2ක්.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිල නොවන මාර්ග හරහා ඉහළ අනුපාතයක් යටතේ මුදල් එවීමට පෙළඹීම මෙලෙස ප්‍රේෂණ පහත වැටීමට හේතුවක් ලෙස සැළකෙනවා.

මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන අතර, ඩොලරයක විකිණුම් මිල සටහන් වන්නේ රුපියල් 203 ක් ලෙසයි.

ප්‍රේෂණ දිරිගැන්වීමේ පියවරක් ලෙස ඩොලරයක් සඳහා අමතර රුපියල් 10 ක් ගෙවීමට මහ බැංකුව වානිජ බැංකුවලට අවසර ලබාදී තිබුණද මුදල් හුවමාරු වෙළඳපාලේ ඒ සඳහා රුපියල් 245ක පමණ අනුපාතයක් ලැබෙන බවයි වාර්තාවන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now