සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් වැඩ වර්ජනයකට සූදානම ! ජනතාවට නැවතත් අපහසුතාවයට පත් වන්නට වේවි ද ?
වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් ලබන දෙවැනි දා සිට දින දෙකක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළා.
ඊයේ(25) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල වෘත්තීය සමිති පසුගිය දා දියත් කළ දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය මාර්තු මස 11 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි 7 වැනි දා ඔවුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනයක් ආරම්භ කළ අතර, ඉන් අනතුරුව යි මේ මස 24 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදි එය අත්හිටුවන ලෙස දන්වමින් වාරණ නියෝගයක් නිකුත් කළේ.
කෙසේ වෙතත් පසුව වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවන බව වර්ජනයේ නිරත වෘත්තිය සමිති ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |