"පොතුත් එක්කම ඔක්කොම පිච්චිලා"- පාඩම් කිරීමට දැල්වූ ඉටිපන්දමෙන් නිවස ගිනි ජාලයක් වෙලා !

sri lanka Accident gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 25, 2022 02:21 AM GMT
krishani

krishani

Report

විදුලිය විසන්ධිවීමත් සමග දැරියකට පාඩම් කිරීම සඳහා දැල්වූ ඉටිපන්දමක් පෙරළී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ගාල්ලෙන් වාර්තා විය.

ගාල්ල කොස්ගොඩ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ නිවසකින් එම පුවත වාර්තා වී තිබුණි.

විදුලිය විසන්ධි වූ අවස්ථාවේ, දැරියකට පාඩම් කටයුතු කිරීම සඳහා ඉටිපන්දමක් දල්වා ඇති අතර ඒ හේතුවෙන් එම නිවස ගිනිගැනීමට ලක්වී තිබේ.

"ඉටිපන්දමක් පත්තුකරන් දුව පාඩම් කළා. පහළ ගෙදර දුව කතා කළා කෑම කන්න. එහෙ ඉඳලා එනකොට ගෙදර ගිනි ජාලාවක් දැක්කා. පොතුත් එක්කම ඔක්කොම පිච්චිලා," යනුවෙන් එම දැරියගේ මව සඳහන් කළාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now