බොරු බබා බඩට ලැබුණු මාරාන්තික නස්පැත්තිය !

World news gagana news sri lanka sinhala news today trending faking-a-pregnancy
By krishani Feb 24, 2022 04:32 AM GMT
krishani

krishani

Report

අපි කුඩා කාලයේදි බහුතර පොඩිහිටි ප්‍රජාව ඉස්කෝලෙ යන්න අකමැතියි. හුඟක් අය කැමති තව ටිකක් වැඩිපුර නිදාගන්න. එහෙම නැත්තං දවසම ගෙදරට වෙලා සෙල්ලම් කරන්න. ඉතින් එහෙම ඕන වුණාම අපි බොරු ලෙඩ ගන්නවා.

එකපාරටම බඩේ කැක්කුම හැදෙන එක තමයි ඒ කාලෙ අපේ ජනප්‍රියම බොරුව. හැබැයි ඒ පුරුද්ද වැඩිහිටියන් වුනාට පස්සේ අපිට අත අරින්න සිද්ධ වෙනවා.

ඒත් මේ කතාව ඒ පුරුද්ද වැඩිහිටියෙක් උනාට පස්සේත් අත ඇරපු නැති කාන්තාවක් ගැන. ඇය නමින් රොබින් ෆෝල්සම්. ජීවත් වෙන්නේ ජෝර්ජියාවෙ. ඇය සේවය කරන්නේ වෘත්තීය පුනරුත්ථාපන ඒජන්සියේ (GVRA) විදේශ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරිය විදිහට.

ඇය මේ වෙනකොට කරලා තියෙන විකාරරූපී ම වැඩේ තමයි ව්‍යාජ දරු ප්‍රසූතියක් සඳහා වැටුප් සහිත සති හතක නිවාඩුවක් ලබා ගැනීම.

මේ බොරු බබ්බු බඩ අපි පුංචි කාලේ බොරුවට හදාගන්න බඩේ කැක්කුමට වඩා ගොඩක් බරපතළ එකක්. ඒක කොච්චර බරපතළ ද කියනවා නම් ඇයගේ අවසාන නඩු වාරයෙන් පස්සේ ඇයට සිද්ධ වෙනවා අවුරුදු 25ක් දක්වා සිර දඬුවම් ලබන්න. ඒ වගේම දඩ වශයෙන් ඩොලර් 103,000ක් ගෙවන්නත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now