ගම්මන්පිලත් එක්ක හිටිය මැදගොඩ හාමුදුරුවො ගම්මන්පිල රටට බොරු කියන හැටි පවසයි !

sri lanka politics gagana news Sri lanka sinhala news Mr.Udaya Gammanpila Ven.Madagoda Abayathissa Thero
By krishani Feb 14, 2022 08:23 AM GMT
krishani

krishani

Report

ඉන්දියාවට නතුවූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලංකාවට නැවත ලබා ගැනීමක් ගැන වූ ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිලගේ ප්‍රකාශය ව්‍යාජයක් බව පුජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

සැබෑවටම සිද්ධවන්නේ අනිතිකව ලංකාවේ සිටි ඉන්දියානු තෙල් සමාගමට නිත්‍යානුකුලවම අවුරුදු 50 කට අත්පත්කර දීමක් බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.

“ඉන්දියාවට විකුණන ත්‍රිකුණාමලයේ ජාතික සම්පත සුරකින විද්වත් කථිකාව” නමින් ත්‍රිකුණාමලය බහුජන සංවිධාන එකමුතුව විසින් පෙබරවාරි 08 වන දින ත්‍රිකුණාමලය නගර ශාලාවේ දී පැවැත්වූ මහජන සම්මන්ත්‍රණයට එක්වෙමින් අභයතිස්ස හිමියන් මේ අදහස් පල කළේය.

“ශ්‍රී ලංකාව පිහිටා තිබෙන භූගෝලීය කලාපයේ තිබෙන, ශ්‍රී ලංකාවේ පිහිටි, ස්ථානය අනුව, සහ මෙහි තිබෙන සම්පත් ප්‍රමාණය අනුව, අපි ලෝකයේ හැම මොහොතේම ගොදුරක් වීමට නියමිත පවතිනවා.

ත්‍රිකුණාමලය වරාය හා සම්බන්ධයෙන් මේ සිද්ධිය කරළියට එන්නේ පහුගියදා උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉන්දියාවට ගිය තෙල් ටැංකි යළි ලංකාවට කියන ප්‍රකාශයත් එක්ක.මෙතන තියෙන ප්‍රශ්නය ඉන්දියාවට ගිය තෙල් ටැංකි ලංකාවට ගැනීම වැරැද්දක්ද? ඉන්දියාව අයත් කොට ගෙන තියෙන ඉන්දියාව මෙතෙක් වසර ගණනාවක් තියාගෙන හිටපු තෙල් ටැංකි දුන්නම විශාල ප්‍රශ්නයක් එනවා.

අර්බුදය කරලියට එන්නේ ඉන්දියාව නතු කරගෙන තිබුණු තෙල් ටැංකි ලංකාවට ගන්න කටයුතු කළා කියන ව්‍යාජ ප්‍රකාශයත් එක්ක.

මේක ව්‍යාජයි කියලා කියන්නේ ඇයි?

ඉන්දියාව පහුගිය කාලේ අපේ රට පිළිබඳව දේශප්‍රේමින් ලෙස සලකා ගත නොහැකි ඒ වගේම අපේ දේශීය සම්පත් පාවාදීම පිළිබඳව එදා මෙදා තුර බොහොම කුප්‍රකට නායකයන් සම්බන්ධ කරගෙන මේ තෙල් ටැංකි තමා නතු කරගෙන තිබ්බා.

අපි දැක්කා අපේ සමහර දේශපාලනඥයෝ මේකට යන්න ගියාට පස්සේ අපේ නිලධාරීන් හිරකරගෙන හිටියා.

එතකොට එහෙම හිටිය ඉන්දියාව එහෙම අල්ලගෙන හිටිය ඉන්දියාව බොහෝම බෝධි සත්ව චින්තාවකට එළඹිලා බෝධිය කල්පනාවකට ඇවිල්ලා මේ තෙල් ටැංකි දැන් උදය ගම්මන්පිල ඇමතිතුමා අමාත් යවරයා වුණාට පස්සේ මේක මේ ලංකාවට දෙන්න ලෑස්ති වුණා වගේ කතාවක් තමයි කියන්නේ.

එහෙම නේද ඒ කතාව හැදෙන්නේ. එතකොට අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. උදය ගම්මන්පිල අමාත්‍යතුමාට මේ තෙල් ටැංකි එතුමා කතා බහ කරලා දැන් මේ තෙල් ටැංකි ලංකාවට ගන්න කතා කළා කියන මේ ප්‍රකාශනයත් එක්ක අපිට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන් මේ ගැන ගැඹුරින් හිතන්නේ නැත්නම් හොඳ වැඩක් නේ දැන් මේ කරලා තියෙන්නේ.

දැන් බලන්නකෝ දැන් ලංකාවේ අයිතිය පිළිඅරගෙන ඒගොල්ලෝ කියලා. මේක සැබවින්ම වෙන්නේ ඒක නෙමෙයි.

අනීතිකව ලංකාවේ හිටිය ඉන්දියානු සමාගම නීත්‍යානුකුල ලෙස මෙය අත්පත් කරගන්නවා අවුරුදු පනහකට. ඒක කිසිසේත්ම අපි මේ වෙලාවේ අනුමත කරන්න බැරි කාරණාවක්.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now