ඔබ කෙදිනකවත් අසා නැති අරුම පුදුම රක්ෂණාවරයන් !

sri lanka insurance world news gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 08, 2022 08:10 AM GMT
krishani

krishani

Report

රක්ෂණය කියන්නෙ අමුතු වචනයක් නෙවෙයි.

ජීවිත රක්ෂණය ,දේපළ රක්ෂණය අපිට එදිනදා ඇහෙන හුරුපුරුදු දේවල්.

ඒ අතර ඇහෙන ශරීරාංග රක්ෂණාවරණය කියන්නෙ අපිට අහන්න ලැබෙන තරමක් අමුතු රක්ෂණාවරණයක්.

මෙලෙස තම සිරුරෙහි ඇති විවිධ අංග රක්ෂණය කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වා තිබෙන්නේ ලොව වඩාත් ජනප්‍රිය තලයේ පසුවන පුද්ගලයින්.

ඇතැම් වෘත්තීන්හි පැවැත්ම රඳා පවතින්නේ ශරීරයේ අංග නිසියාකාරව නඩත්තු කළහොත් පමණක් වන නිසාත් ,එකී අංගයන්ට යම් හානියක් වුවහොත් තම පැවැත්ම තාවකාලිකව හෝ සදාකාලිකව නතර වන බව දන්නා හෙයින් මෙලෙස රක්ෂණය කිරීම වැදගත් දෙයක් ද වනවා.

ඉතාමත් ඉහළ මිලකට රක්ෂණය කෙරුණු මෙම ශරීරාංග ඔවුන්ට කෙතරම් නම් වටිනා අවයවද කියලා මේ සටහන කියවන ඔබටත් වැටහේවි.


ජෙනිෆර්ගේ පසුපස පෙදෙස

ජෙනිෆර් ලෝපෙස් ගැන නොදන්න කවුරුත් නැති තරම්. ඇමරිකානු ජාතික ගායිකාවක් ලෙසින් ප්‍රසිද්ධ ඇය නර්තන ශිල්පිනියක් ලෙසත් වඩාත් ජනප්‍රිය යි. ඇයගේ නර්තනයන් ඔබ දැක තිබේ නම් ඇය සිය පිටුපස පෙදෙස අලංකාරවත් අ‍යුරින් තම නර්තනයන් සඳහා යොදාගන්නා අයුරු දැක තිබෙනවාට සැක නෑ. එනිසාම ඇය ඇයගේ මෙම වටිනාම ශරීරාංගය රක්ෂණය කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ වටිනාකමකට බවයි වාර්තා වෙන්නේ.


ලොව වටිනාම පියයුරු

ඇමරිකානු ජාතික නිරූපණ ශිල්පිනියක් වන හෝලි මැඩිසන් රක්ෂණය කරන්නේ ඇයගේ පියයුරුයි. ඒ අනුව ඇය එක් පියයුරුවකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක වටිනාකමක් ලැබෙන පරිදි තම පියයුරු රක්ෂණය කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1ක පමණ වටිනාකමක් ඇතිවයි. ඇය පවසන පරිදි ඇයගේ වෘත්තියෙහි වටිනාම සහ වැදගත්ම අංගයක් වන්නේ පියයුරුයි. එනිසාම ඊට යම් හානියක් වුවහොත් තමාට වෘත්තියෙන් තාවකාලිකව හෝ සදාකාලිකව ඉවත්වීමට සිදුවන බැවින් මෙලෙස රක්ෂණාවරණය කළ බවයි ඇය පවසන්නේ.


දෙපා රක්ෂණය කළ රිහානා

ප්‍රසිද්ධ ගායිකාවක් වන ඇය රක්ෂණය කර ඇත්තේ ඇයගේ පාද යුගලයි. 2007 වසරේදී ඇය විසින් Gillette's venus breeze celebrity legs of a goddess award නම් සම්මානයෙන් පිදුම් ලබන්නේ තම දෙපාවල ඇති සුන්දරත්වය නිසයි. එයින් පසුව ඇය මෙලෙස ඇයගේ දෙපා රක්ෂණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.


ඩේවිඩ් බෙකම්ගේ පාද

පාපන්දු ක්‍රීඩකයෙක් ලෙසින් ලොව ප්‍රසිද්ධ ඩේවිඩ් බෙකම් රක්ෂණය කර ඇත්තේ සිය පාද යි. ඔහුට ආදයම් ලැබෙන සහ ඔහුගේ ජීවිතයේ එක් කොටසක් බවට පත්ව ඇත්තේ ද පාපන්දු ක්‍රීඩාවයි. එනිසාම ඔහු මෙලෙස සිය පාදවලට රක්ෂාණාවරණයක් ලබාගැනීම ප්‍රායෝගික දෙයක්. වාර්තා වන ආකාරයට ඔහු මෙලෙස තම පාද රක්ෂණය කර ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 70ක වටිනාකමටයි.


ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පාද

රොනාල්ඩෝ විසින් රක්ෂණය කර ඇත්තේත් ඔහුගේ දෙපා යි. ජනප්‍රියත්වයේ ඉහළ තලයක පසුවන පාපන්දු ක්‍රීඩකයෙක් වන ඔහු තම පාද රක්ෂණය කර ඇත්තේ ඇමරිකානු ඩොලර් 144ක පමණ වටිනාකමක් සහිතවයි.


ශුක්‍රාණු රක්ෂණය කළ ඩේවිඩ්

ලී රොත් ඇමරිකානු ජාතික රොක් ගායකයෙක් වන ඩේවිඩ් රක්ෂණය කර තිබෙන්නේ නම් ශරීරයේ බාහිර අංගයක් නෙවෙයි. ඔහුගේ රක්ෂණය වෙනස් එකක්. තමන් නිසා රසිකාවියන් ගැබ් ගැනීමට ලක්වුවහොත් පීතෘත්වය සම්බන්ධව ඇතිවන ගැටළු වළක්වා ගැනීමට ඔහු සිය ශුක්‍රාණු රක්ෂණය කර තිබෙනවා. නියැලෙන වෘත්තියට අනුරූපව ශරීරාංග රක්ෂණය කරන තරු අතරේ ඩේවිඩ්ගේ රක්ෂණය වෙනස් වෙන්නෙ ඔහොමයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now