මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සිදු වූ හුටපටයට ගම්මන්පිල අද අස් වෙයිවත් ද? මහලේකම්වරයාගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන්න අවසරත් ඉල්ලලා !
අද(08) දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අවසර ඉල්ලා ඇත.
ඒ අනුව ඊට අදාළ ලිපිය ගම්මන්පිල මහතා විසින් මේ වනවිටත් මහලේකම්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
ඊයේ දින පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගම්මන්පිල මහතාට ආණ්ඩුමේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වූ අතර පසුපෙළ මන්ත්‍රීවරුන් ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයන් විවේචනය කරමින් අදහස් පළ කළ ආකාරයක්ද වාර්තා විය.
අරලිය ගහ මන්දිරයේදී පැවැත්වී ඇති මෙම කණ්ඩායම් රැස්වීමට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් සහභාගී වී ඇත.
මෙහිදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඩොලර් හිගය පිළිබදව පසුගිය සතියේ දැඩි ප්‍රකාශයක් කළ අතර ඔහු කියා සිටියේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ඇත්ත කිව යුතු බවකි.
එමෙන්ම අද වන විට ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදයට කොරෝනා වෛරසය වගකිවයුතු බවට සිදු කරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බවත්, මේ රටේ ඩොලර් ප්‍රශ්නයට හේතුව ණය ඉහළ යාම මිස කොරෝනා නොවන බවත්, කොරෝනා වසංගතයෙන් පසුවද ඩොලර් අර්බුදය විසදෙන්නේ නැති බවත් ඇමැතිවරයා කියා තිබිණ.
ඒ අනුව ඊයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබදව මුලින්ම ප්‍රශ්න කළේ ජයන්ත කැටගොඩය.
එම ප්‍රකාශය පිළිබදව පැහැදිලි කිරීමක් කරන ලෙස කැටගොඩ කළ ඉල්ලීමට අනුව ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පටන් ගෙන ඇති නමුත් පසුපෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඊට විරෝධය පළ කරමින් අදහස් දැක්වීමට පටන් ගෙන තිබේ.
මෙහිදී ජනාධිපතිවරයාද ගම්මන්පිල මහතාගේ අදහස් ප්‍රතික්ෂේප කරමින් ඩොලර් හිගයට බලපෑ හේතු දීර්ඝව පැහැදිලි කිරීමට පියවර ගෙන ඇත.
ජනාධිපතිවරයාගෙන් පසුව රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාද ගම්මන්පිලගේ ප්‍රකාශයට එරෙහිව දැඩිව අදහස් දක්වා ඇති අතර අමාත්‍යවරයකු වශයෙන් වගකීමෙන් යුතුව අදහස් පළ කරන ලෙසට ඉල්ලීමක්ද කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |