ඔමික්‍රෝන් නිසා වැසුණු ගුවන්තොටුපොළ

sri lanka world international airport gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 07, 2022 07:07 AM GMT
krishani

krishani

Report

මේ දිනවල ඉන්දුනීසියාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ප්‍රභේදය පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දුනීසියාව එරටට සංචාරකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව තහනම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දින කිහිපය පුරා ඉන්දුනීසියාවේ ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ව්‍යාප්තිය අතිශය බහුල ලෙස දැකගත හැකි අතර, අග්නිදිග ආසියානු රටවල් වල වැඩිම වෛරස ව්‍යාප්තිය ඇති රටවල් වලින් එකක් ලෙසයි ඉන්දුනීසියාව සලකනු ලබන්නේ.

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරස ව්‍යාප්තිය මන්දගාමි කිරීමේ උත්සාහයක් ලෙස ජකර්තා ගුවන් තොටුපළ හරහා එරටට පැමිණෙන විදේශීය සංචාරකයින් රටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කළ බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ වන විට එරට රෝහල් පද්ධතියේ 65%ක පමණ කොටසක් ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ආසාදනය වූවන් වෙනුවෙන් වෙන්කර ඇති අතර මේ වන විටත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරාගත නොහැකි මට්ටමට පැමින ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ඊයේ දිනයේදී පමණක් ආසාදිතයින් 36000 ක් ජකර්තා අගනුවරින් පමණක් වාර්තාවී ඇති අතර එය අතිශය බරපතල තත්ත්වයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now