මෝටර් රථ රසිකාවියක් වූ ලතා මංගෙෂ්කාර්ගේ පුදුම හිතෙන වත්කම් ගැන හෙළිදරව්වක් මෙන්න !

india sri lanka gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 07, 2022 03:41 AM GMT
krishani

krishani

Report

"ජීවිතේට කණ්ණාඩි සහ සෙවණැලි යන දෙවර්ගයේම මිතුරන් සිටිය යුතුයි. කැඩපත් බොරු කියන්නේ නෑ. සෙවණැලි අත ඇරලා යන්නේ නෑ..." - ලතා මංගෙෂ්කාර්

ලතා මංගේෂ්කාර් කියලා කියන්නේ අසාහය ගායිකාවක් විතරක් නෙමෙයි. බිලියන ගණනක ධනයක හිමි කාරිනියක් වගේම ඇය උග්‍ර මෝටර් රථ රසිකාවියක්ද වෙනවා.

ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවලට අනුව, ලතා මංගේෂ්කාර්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 50කට අධික එනම් ඉන්දීය රුපියල්වලින් රුපියල් කෝටි 368 ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

ලතා මංගේෂ්කාර් 1929 දී ඉන්දෝර් හි උපත ලැබු අතර සහෝදර සහෝදරියන් නඩත්තු කිරීමට ඉපැයීම් ප්‍රමාණවත් නොවූ තරමේ මධ්‍යම පාන්තික පවුලකට අයත් සමාජිකාවක්.

සුප්‍රසිද්ධ මරාති නාට්‍ය කරුවෙක් වූ මාස්ටර් දිනනාත් ඇගේ පියා වන අතර මෝටර් රථයක් මිලදී ගැනීම ඇගේ පරම ආශාව වෙන්නේ කුඩා කාලයේදිමයි.

ඒ අනුව සාර්ථකත්වයෙන් පසුව ඇය මර්සිඩීස් රථයක් මිලදී ගන්නවා. පසුව ඔහු එය ක්‍රයිස්ලර් සහ ෂෙව්රොලට් ලෙස වෙනස් කරනවා. එතරම් උසස් අධ්‍යාපනික පසුබිමක් නැතත් රැස් කළ මහා ධනස්කන්ධය හරහා, මුදල් ඉපයීමේ එකම මාර්ගය උපාධියක් නොවන බව ඇය පෙන්වා දුන්නා.

ඇගේ පියා වූ දිනනාත් ගුරුතුමා ඇයට පළමු සංගීත පාඩම් කියා දුන් අතර ඇය සිය පියාගේ සංගීත නිෂ්පාදනවල නිළියක් ලෙස රඟ දැක්වීමට පටන් ගත්තේ ඇයට වයස අවුරුදු පහේදී යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now