එකම පවුලෙ පියාට සහ දියණියට මරු කැඳ වූ මාරක බිහිසුණු අනතුර !
accident
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
ගම්පහ, අස්ගිරි වල්පොළ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියක් සහ බවුසර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවය.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 06ක් වයසැති දැරියක් සහ 42 හැවිරිදි ඇයගේ පියා බව පොලීසිය පැවසුවේය.
ඔවුන් ගම්පහ උග්ගල්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අය වේ.
යතුරුපැදිකරුගේ හා බවුසර් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලිසීය සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |