ඡායාරූපයක් කළ හදියක් !
හබරණ රක්ෂිතයේ සිටි වන අලියෙකුගේ ඡායාරූපයක් ගැනීමට ගිය යුක්රේන ජාතික යුවලක් පැමිණි මෝටර් රථයකට එම වනඅලියා විසින් පහරදීමේ පුවතක් ද වාර්තා වී තිබෙනවා.
පොලොන්නරුවේ සිට හබරණ බලා ගමන් කරමින් සිටිය දී මෙම විදේශීය යුවල වනඅලියෙකුගේ ඡායාරූපයක් ගැනීමට ගොස් ඇති අතර, එහිදී අදාළ වනඅලියා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී යුක්රේන ජාතික යුවලට කිසිදු හානියක් සිදුව නොමැති අතර, වනඅලියා සිදුකළ පහරදීමෙන් එම මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
මේ අතර, උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය - 31 සහ 32 බිම් ගෙවල් දෙක අතර ප්‍රදේශයේදී ප්‍රංශ ජාතික තරුණියක් දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් එම තරුණිය ඇද වැටුණු පසු ඇය බේරා ගැනීමට ඇයගේ පෙම්වතා ද දුම්රියෙන් පැන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එහිදී එම තරුණයා ද තුවාල ලබා තිබෙනවා.
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ දී එම තරුණිය මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |