රටේ ආරක්ෂාන ගැන ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විශේෂ නිවේදනයක්.!!

Sri Lanka
By Aruna Jul 14, 2022 03:30 AM GMT
Aruna

Aruna

Report

රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්ව හේතුවෙන් රටේ ආරක්ෂාවට මෙන්ම මහජන ජීවිතය ද දැඩි තර්ජනයට පත්ව ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවසනවා.

මෙම තීරණාත්මක මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුවහය තුළ, පාර්ලිමේන්තුව වහා කැඳවා විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩනැගිය යුතු බව නැවතත් අවධාරණය කරන බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරු පෙන්වා දෙන්නේ.

මෙම තීරණාත්මක මොහොතේ රටේ නීතියට අවනතව නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමීව විරෝධය දැක්වීම හැර දේපළවලට හානි කරන කිසිඳු ක්‍රියාවක නොයෙදීමට විරෝධතාකරුවන් වගකීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ද ත්‍රෛනිකායික මහ නාහිමිවරු පවසනවා.

එසේම රට තුළ පවත්නා සැබෑ වාතාවරණය පිළිබඳ දැනුවත් වීම මහජනතාවගේ අයිතියක් වන හෙයින් නිදහස් තොරතුරු වාර්තාකරණයට ඉඩ ලබාදී ජනජීවිත ආරක්ෂා කරමින් රටේ සාමය පවත්වා ගෙන යාමට කටයුතු කිරීම ආරක්ෂක අංශවල යුතුකම හා වගකීම වන බව ද ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.