පෞද්ගලික අංශයට සුභ ආරංචියක් - අවම වැටුප ඉහළට

Report

2025 අංක 11 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව, 2026 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප රු. 27,000.00 සිට රු. 30,000.00 දක්වා වැඩිකිරීමට රජය කටයුතු කර ඇත.

ඒ අනුව, දෛනික වැටුව, රු. 1,080.00 සිට රු. 1,200.00 දක්වා වැඩිවිය.