සුබ ආරංචියක් - ලංකා - ඊශ්‍රායල් ගුවන් ගමන් අරඹයි
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාව හිමි වූ ශ්‍රමිකයන් 47 දෙනකු අද උදෑසන එතිහාඩ් ගුවන් සේවයට අයත් EY 593 ගුවන් යානයෙන් පිටත් වෙයි මැද පෙරදිග කලාපයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායල් ගුවන් සේවා යලිත් ක්‍රියාත්මක වී ඇති බැවින් එරට රැකියා සදහා පිටත්ව යන ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට යලිත් රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව හිමිව තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කර තිබේ.
ඒ අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාව හිමි වූ ශ්‍රමිකයන් 47 දෙනකු අද උදෑසන එතිහාඩ් ගුවන් සේවයට අයත් EY 593 ගුවන් යානයෙන් පිටත් වු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි මෙම පිරිසට කාන්තාවෝ 42 දෙනෙක් හා පිරිමි 5 දෙනෙක් ඇතුළත් වී ඇත.
මේ අතර ඊශ්‍රායල් රැකියා සදහා පිටත් වන 202 වන කණ්ඩායම මෙය වේ. කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා රැකියා අවස්ථාවන් හිමි වූ රැකියා ලාභීන් නැවතත් මෙරටට පැමිණීමෙන් අනතුරුව ද ඔවුන්ට මෙරට ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කරන බවද රැකියා ලාභීන් තම ක්ෂේත්‍රයට අදාල වගකීම් නිසි ලෙස ඉටු කරමින් තම සෞඛ්‍යයට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙස මෙන්ම රැකියාවෙන් උපයාගත් මුදල් නිසි ලෙස භාවිතා කිරීමට වගබලා ගන්නා ලෙසයි