මන්දගාමී පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට 5%ක දඩයක්

Report

පාකිස්තානයේ පැවති ත්‍රිකෝණාකාර ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ලාහෝර්හි පැවැති තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 5%ක දඩයක් නියම කර තිබේ.

මෙම තරගයේදී නියමිත කාල සීමාව අවසන් වන විට ශ්‍රී ලංකා පිල එක් පන්දුවාරයක් පිටුපසින් සිටීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක ජෙෆ් ක්‍රෝ විසින් මෙම දඩ මුදල පනවා ඇත.

නොවැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක් - මිල ගණන් මෙන්න

නොවැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක් - මිල ගණන් මෙන්න

අයි.සී.සී. චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මන්දගාමී පන්දු යැවීම යටතේ අපොහොසත් වන සෑම පන්දුවාරයක් වෙනුවෙන්ම ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 5%ක දඩයක් පැනවේ.

ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් විසින් අදාළ වරද පිළිගෙන ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විභාගයක් නොපවත්වන බව අයි.සී.සී.ය වැඩිදුරටත් නිවේදනය කරයි.

මේ අභ්‍යාසලාභීන් 2,820 දෙනෙකුට රජයේ පත්වීම්

මේ අභ්‍යාසලාභීන් 2,820 දෙනෙකුට රජයේ පත්වීම්

මෙම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ අහ්සාන් රසා, ෂර්ෆුද්දෝලා ඉබ්නේ ෂාහිද්, තෙවැනි විනිසුරු වේන් නයිට්ස් සහ සිවුවැනි විනිසුරු නසීර් හුසේන් යන මහත්වරුන් විසින් මන්දගාමි පන්දු යැවීමට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.