ශ්‍රී ලංකා එංගලන්ත තරඟයට වර්ෂාවෙන් බාධා...
By Parami Dissanayake
අද ලන්ඩනයේ ඕවල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගයට කාලගුණයෙන් බාධා එල්ල වී ඇත.
තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත පිල පළමු ඉනිම සදහා පන්දුවාර 15කදී එක් කඩුල්ලක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 76කි.
එංගලන්ත පිල වෙනුවෙන් බෙන් ඩකට් පන්දු 48කදී නොදැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 51ක් වන අතර හතරේ පහර 7ක් ද ඊට ඇතුළත් වේ.
ශ්‍රී ලංකා පිලේ ලහිරු කුමාර පන්දු යැවීමේදී එක් කඩුල්ලක් දවා ගත්තේ ය.