“කුසලානය ශ්‍රී ලංකාව දිනයිද?” - ශ්‍රී ලංකා සහ එංගලන්ත තීරණාත්මක අවසන් එක්දින තරගය අද

Report

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය අද (27) ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස සම තත්ත්වයේ පවතින බැවින්, අද පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම තරගාවලි ශූරතාව හිමිකර ගැනීම සඳහා තීරණාත්මක වනවා. තරගාවලියේ පළමු එක්දින තරගයෙන් එංගලන්තය ලකුණු 89ක ජයක් වාර්තා කළා.

කෙසේ වෙතත්, ලීඩ්ස්හි හෙඩිංලි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් වුණා.

මීට පෙර පැවැති විස්සයි20 ජාත්‍යන්තර තරගාවලිය තරග 3-0ක් ලෙස එංගලන්තය ජයගත් අතර, එම පසුබිම තුළ එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා. ඒ අනුව අද පැවැත්වෙන තරගය දෙපිලටම තරගාවලි ජයග්‍රහණය තීරණය කරන අවසන් සටන බවට පත්ව තිබෙනවා.

එංගලන්තයේදී 'වයිට්-බෝල්' සංචාරයේ පළමු ජය ශ්‍රී ලංකාවට - දෙවන එක්දින තරගයෙන් ලකුණු 16ක අභිමානවත් ජයක්

එංගලන්තයේදී 'වයිට්-බෝල්' සංචාරයේ පළමු ජය ශ්‍රී ලංකාවට - දෙවන එක්දින තරගයෙන් ලකුණු 16ක අභිමානවත් ජයක්

“ඇරඹුමම කඳුළක් වෙලා” - එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරාජයකින් අරඹයි

“ඇරඹුමම කඳුළක් වෙලා” - එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරාජයකින් අරඹයි