ලංකාවේ විදුලි බිල ලෝක වාර්තාවක් තියයි..ජනතාවට රතු එළියක්..

Sri Lanka Politician Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Aruna Oct 01, 2023 05:13 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ යෝජිත විදුලි බිල වැඩි වුවහොත් එය දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට පත් වන බවට වාර්තා පලවේ.

මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රටවල් අතරින් තුන් වන ස්ථානයේ පසු වන බවයි, බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය මහතා පවසන්නේ.

විදුලි නිෂ්පාදන මිල අවම කිරීම සඳහා කඩිනමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මේ අතර, මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ, විදුලි ගාස්තු යළි ඉහළ නැංවීම පිළිබඳ තීරණය ලබන ඔක්තෝබර් මස 18 වැනිදායින් පසු ප්‍රකාශයට පත් කරන බවයි.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන මතය විමසීමෙන් අනතුරුව අවසන් තීරණයට එළඹීමට නියමිත බවයි, එම කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු පැවසුවේ.

ලබන මස පළමුවන දා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණේ මෙම වසරේ ජූලි මාසයේ සිට දෙසැම්බර් කාලවකවානුවට අදාළව සිය ඇස්තමේන්තුගත වියදම ඉහළ ගොස් ඇති බව පවසමින්.

ජලවිදුලියෙන් සහ ගල්අඟුරුවලින් විදුලි උත්පාදනය පහළ යෑම සහ විදුලි ඉල්ලුම ඉහළ යෑමයි ඒ සඳහා බලපා ඇති කරුණු ලෙස ඔවුන් දක්වා ඇත්තේ.

ආකාර දෙකකින් විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා ඉදිරිපත් කර තිබුණු අතර යෝජනාව සම්බන්ධයෙන් කඩිනමින් සලකා බලන ලෙස අමාත්‍ය මණ්ඩලය ද උපයෝගිතා කොමිසමට දන්වා තිබෙනවා.

යෝජිත නව විදුලි ගාස්තු සං‍ශෝධනයේ එක් යෝජනාවකට අනුව දැනට පවතින මාසික විදුලි ගාස්තුව 22%කින් වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.

දෙවැනි ගාස්තු සංශෝධන යෝජනාවේ දැක්වෙන්නේ එක් ඒකක කාණ්ඩයක් සහ දැනට පවතින ගාස්තුව රුපියල් 8කින් වැඩි කිරීමයි.

ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ප්‍රබල ක්‍රීඩකයෙක් සමුගනී..

ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ප්‍රබල ක්‍රීඩකයෙක් සමුගනී..


ReeCha