රටේ ආරක්‍ෂාව ගැන දැනුම් දීමට හදිසියේ විශේෂ මාධ්‍ය හමුවක්...
රට තුළ පවතින ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ වනවිට මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා.
ඒ, වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
අධි ආරක්ෂිත කලාප ස්ථාපිත කිරීම, විවිධ ස්ථානවල පැවැත්වෙන විරෝධතා සහ උද්ඝෝෂණ ඇතුළු ආරක්‍ෂාවට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී කරුණු පැහැදිලි කෙරෙනවා.
මේ අනුව ඇතැම් දේශපාලන සහ වෘත්තීය සමිති කණ්ඩායම් අතර විරෝධතා තරඟය හේතුවෙන් රට ආරාජිකවීමට ඉඩ තැබිය නොහැකි බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කළා.
ඔහු පැවසුවේ, ජනතාව අපහසුතාවට පත්වන හෝ දේපොල හානිවන විරෝධතාවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.
එහෙත්, නීත්‍යානුකූල සහ සාමකාමී විරෝධතාවලට කිසිදු බාධාවක් නොමැති බවත් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ, ආර්ථික අර්බුදය හමුවේ මේ වන විට රට යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, සීමිත දේශපාලන කණ්ඩායම් කිිහිපයක් යළි රට අරාජික කිරීමට උත්සහ කරන බවයි.
එහෙත්, පසුගිය කාලයේ කළ ඝාතන, පහරදීම් සහ ගිනතැබීම් වැනි භයානක පූර්වාදර්ශ යළි ප්‍රතිනිර්මාණය කිරීමට ඉඩ නොතබන බව ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කළා.
එමෙන්ම, ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණි පසු අධි ආරක්ෂිත කලාප පිළිබඳව විශ්ලේෂණය කර සුදුසු තීරණ ගන්නා බව ද වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |