ලංකාවට වාර්තාගත ආදායමක් - ආදායම් ඉලක්ක පසුකරමින් යන ලංකාව
රේගුව විසින් අප්‍රේල් මාසය තුළදී පමණක් රුපියල් බිලියන 236 ඉක්මවූ වාර්තාගත ආදායමක් උපයා ඇත. අප්‍රේල් මාසය සඳහා ආදායම් ඉලක්කය වී ඇත්තේ, රුපියල් බිලියන 181.27ක් වේ.
එමෙන්ම රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ වසරේ පළමු මාස 4 තුළදී පමණක් රේගුව විසින් රුපියල් බිලියන 919කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බවයි.