සුපුරුදු මාර්ගය මඟ හැර මුදල් ගෙවා "සිල්ක් රූට්" පර්යන්තයෙන් එළියට ආ වනිදු කියපු දේ. - (PHOTOS/VIDEO)
By Wayomi
T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියා.
එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසුවේ ක්‍රීඩකයින් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත්, තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ ගැන කනගාටු වන බවත්ය.
"ක්‍රීඩකයින් විදියට අපි දන්නවා අපි අතින් සිදුවූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොඳින් ක්‍රීඩා නොකළ නිසා පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොඳින් කළේ නෑ.."
කෙසේ වෙතත් ඔවුන් වෙනදා සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද අද මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු "සිල්ක් රූට්" පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබුනා..





