පියුමි හංසමාලී ගැන මෙච්චර දෙයක් මීට කලින් දැනගෙන හිටියද? - මෙන්න ලැබුණු හදිසි අධිකරණ නියෝගය.

Sri Lanka Magistrate Court Piumi Hansamali Sri Lankan Actress
By Wayomi Jun 19, 2024 05:36 AM GMT
Wayomi

Wayomi

Report

පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

බැංකු ණය පොළිය පහළට. - බැංකුවල නවතම අනුපාතයන් මෙන්න.

බැංකු ණය පොළිය පහළට. - බැංකුවල නවතම අනුපාතයන් මෙන්න.


ඒ, උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන්.

මෙහිදී රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව බැංකු වාර්තා කැඳවීමට මෙසේ නියෝග නිකුත් කරනු ලැබුවා.

අවුරුදු 17 න් ද? 18 න් ද හරියටම රියදුරු බලපත්‍රය ගන්නේ? - කට කතාවට නොමඟ යන්න කලින් නීතිය දැනගෙන ඉන්න. - (VIDEO)

අවුරුදු 17 න් ද? 18 න් ද හරියටම රියදුරු බලපත්‍රය ගන්නේ? - කට කතාවට නොමඟ යන්න කලින් නීතිය දැනගෙන ඉන්න. - (VIDEO)


‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අනුව කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම,කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම,කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරනු ලබයි.

බිලියන 14ක් වියදම් කරලා මුරලි ඉන්දියාවේ මොකක් ද මේ හදන්න යන්නේ.? - අක්කර 46ක්ම අරගෙන.

බිලියන 14ක් වියදම් කරලා මුරලි ඉන්දියාවේ මොකක් ද මේ හදන්න යන්නේ.? - අක්කර 46ක්ම අරගෙන.


2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විශුද්දී කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර රහස් පොලිසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පැමිණිල්ල බහා තැබීය.

..................................

You May Like