විශාල පිරිසක් වටකර ගනිමින් ආසියානු ශූරයන් මව්බිමට පාතබයි.(VIDEO)

Sri Lanka Cricket Sri Lanka
By Aruna Sep 13, 2022 01:27 AM GMT
Aruna

Aruna

Report

2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) අලුයම නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.

ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්.

ක්‍රිකට් ශූරයන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේ විශේෂ අවස්ථාවක් ද සූදානම් කර තිබූ බවයි අප වාර්තා කරුවන් පවසන්නේ.

මේ අතර, දැල් පන්දු ආසියානු ශූරතාව දිනාගත් ක්‍රීඩිකාවන් ද අද ශ්‍රී ලංකාවට පැමිණියා.

පසුව කණ්ඩායම් දෙකම රිය පෙරහරකින් කොළබ බලා ඒමට නියමිත යි.

ඔවුන් මහත් හරසරින් පිළිගැනීමට සහ ඔවුන්ට ආදරය දැක්වීමට මඟ දෙපස බොහෝ ජනයා සූදානම් ව සිටින බව යි වාර්තා වන්නේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha