එහෙම කොහොමද රනිල්ගේ නඩුවට අපි වඩින එක එයාලා නවත්තන්නේ, රනිල්ගේ නඩුවට වඩින්න නොදී අපහාස කරපු පොලීසියට මහා සංඝරත්නෙන් පැමිණිලි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ නඩු විභාගය පැවැත් වුණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි තිනියාය පාලත හිමි, මාළබේ සීලරතන හිමියන් පුමුඛ භික්ෂුන් වහන්සේලා පිරිසකට අධිකරණ භුමියට ඇතුළු වීමට ඉඩනොදි බාධා කරමින් ස්වාමින් වහන්සේලාට නොගැලපෙන ලෙස අදහස් ප්‍රකාශ කළ බවට එම හිමිවරු චෝදනා එල්ල කර තිබෙන බව පවසයි.
ඒ අනුව එසේ කළ බව කියන සහකාර පොලිස් අධිකාරිවරයකුට හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට හා උප පොලිස් පරීක්ෂකවරයකුට විරුද්ධව තිනියාය පාලිත හිමි ඇතුළු මහා සංඝරත්නය මානව හිමිකම් කොමිසම් සභාව වෙත පැමිණිල්ලක් කර ඇති බව ද වාර්තා වේ.
එබැවින් ඉදිරියේ දී මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් එම සහකාර පොලිස් පරීක්ෂකවරයාට හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට හා උප පොලිස් පරීක්ෂකවරයාට සම්බන්ධව ඉදිරි පරීක්ෂණ ආරම්භ විමට නියමිත බව සඳහන්.