රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම
රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීමට තීරණය කර ඇති බවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අමාත්‍යාංශය නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දැනට මුද්‍රණ පිටපතක් ලෙස වෛද්‍ය සහතිකය නිකුත් කරනු ලැබීමේ ක්‍රමවේදය විනිවිදභාවයෙන් තොරවන බවත්, අක්‍රමිකතා සිදුවන බවටත් හෙළි වී තිබීම මීට හේතු වී තිබෙන බව පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ,
"රියදුරු බලපත්‍රයක් කල් ඉකුත්වූ විට එය අලුත් කරගැනීමටත් වේරහැරට එන්න වෙලා තියෙනවා. එය ජනතාවට විශාල අපහසුතාවක්. වේරහැරට පැමිණීම අනිවාර්ය වෙලා තියෙන්නේ ඇඟිලි සලකුණු ලබාදීමට අවශ්‍ය නිසා පමණයි. තවත් මාසයක් වැනි කාලයක් තුල මෙම ක්රමවේදයත් වෙනස් කරලා, රියදුරු බලපත්‍රයක් අලුත් කිරීමට වේරහැරට එන්නෙ නැතිව, පහසුවෙන් කරගත හැකි ක්‍රමවේදයක් අපි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කරලයි තිබෙන්නේ" යනුවෙන්.