අධිකරණ කටයුතු සමාජ ජාලවල දැම්මද? එහෙනම් පුතේ ඉඳලා ඉවරයි, මෙන්න දුන්න නියෝගය
අධිකරණයේ කටයුතු අතරතුරදී ජංගම දුරකතන භාවිත කරමින් වීඩියෝ දර්ශන හා ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කළ පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් අරඹන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඉකුත් දිනවල පැවැති නඩු විභාගයකදී මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.
එමෙන්ම අධිකරණයේ ගෞරවයට හා විනයට හානි වන අයුරින් ක්‍රියා කළ මෙම පුද්ගලයන්ට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ මෙම පරීක්ෂණය ආරම්භ කිරීමට නියම කර ඇති බව වාර්තා වේ.
මේ අතර අධිකරණ නියෝගය අනුව, මෙම නීති විරෝධී ක්‍රියාවන්ට වගකිවයුතු පුද්ගලයන් වහාම හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා මෙන් අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
