දරුණු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
By Kaushi
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව එහිදී තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මෙතෙක් අත්ඩංගුවට ගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කරයි.
මේ අතර කුමන හේතුවක් මත එම වෙඩික්කරු මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී නැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.