බල්ලොත් එක්ක බුදිය ගත්තොත් බලු මැක්කොත් එක්කයි ඇහැරෙන්න වෙන්නේ - සුදාත් අන්න ඒ වගේ
අද දින අධිකරණයට පැමිණි චාමර සම්පත් දසනායක මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ තම අදහස් මාධ්‍යයට පැවසුවේය. එහිදී අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ,
"අපිට සුදාට වගේ පේන කියන්න බෑනේ එයා පේන බලලා කිව්වා අපිට බෑනේ.ඔය කට්ටියට පේන බලන්න පුලුවන්ද? සුදාට පුලුවන්.අපිට බෑ ඒකයි වෙලා තියෙන්නෙ.සුදා පේන බලපු නිසයි අද මේ ප්‍රශ්ණ ඔක්කොම.මුන් වගේ උන් තිබ්බම අර කිව්වා වගේ බල්ලොත් එක්ක බුදියපුහම මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නෙ.ඔය වගේ කට්ටිය හිටියා 1989 ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කාලේ ඒ.ජේ.රණසිංහ කියලා කෙනෙක් හිටියා.අන්න ඒ වගේ තමා සුදාලා ආණ්ඩුවේ තියාගත්තොත්" යයි පැවසුවේය.