රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න [UPDATE]
රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, ලබන ඔක්තෝබර් 29 දා යළි කැඳවනු ලබන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) දිනයේ දී තීරණය කර ඇත.
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහව ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කර ඇත.
ඒ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප 03ක් උඩයි.
එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නීතිඥ අනූජ ප්‍රේමරතන්න පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
ඒ අනුව රනිල්ට ඇප ලැබුණු හේතු ලෙස,

අපි රාජපක්ෂලාව, සිරිසේනව දැක්කේ අපේ ප්‍රතිවාදීන් විදිහට, ඒ වුණත් එයාලා තමයි මේ වෙලාවේ රනිල්ට ඇප ගන්න උදව් කළේ හදවතින්ම ස්තූතිවන්ත වෙන රුවන්
(01) හෘද වස්තුවේ පටක මියයාමේ තත්ත්වයක්.
(02) හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී තිබෙන අතර ඉන් එකක් 100%ක් අවහිර වී තිබීම හේතුවෙන් සැත්කම් කිරීමට අපහසුබව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.
(03) වකුගඩු රෝගී තත්ත්වයෙන් පසුවීම.
(04) අවධානම් මට්ටමේ දියවැඩියා තත්ත්වයකින් පසුවීම.
(05) අගන්‍යාශයේ ඉහළ කොටසේ අසාදිත තත්ත්වයක්.
(06) ශරීරයේ සෝඩියම් අඩු තත්ත්වයක්.
(07) අධි රුධිර පීඩන තත්ත්වයක්.
(08) පෙනහළු ආශ්රිත තත්ත්වයක්.
(09) ප්රතිශක්තීකරණය හීනවීම.
(10) අගෝස්තු මාසයේ වෛද්‍ය වාර්තාද ඉදිරිපත් කර තිබීම.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
.........................................................................
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප @5.18 PM
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරින මෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත් නියම කර තිබෙනවා.
මෙම නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නිකුත් කළා.
ඒ ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුවයි.