ටොයිලට් එකේ පිරිමි දෙන්නෙක් සමලිංගිකව හැසිරුණු නිසා ජාත්‍යන්තරයම කම්පා වෙන විදිහට දුන්න දඬුවම

Report

සමලිංගික සබඳතා පැවැත්වූ බවට වරදකරු වූ ඉන්දුනීසියාවේ පිරිමි පුද්ගලයන් දෙදෙනකුට අද (26) දින ප්‍රසිද්ධියේ කසපහර 76කින් තැලූ බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉකුත් අප්‍රේල් මාසයේදී උද්‍යානයක පොදු වැසිකිළියක් තුළ මෙම පුද්ගලයන් දෙදෙනා සමලිංගික සබඳතා පවත්වමින් සිටියදී පොලීසි‍යෙන් සොයාගෙන ඇත.

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

එසේම කසපහර දීමට ගෙනගොස් ඇත්තේ ද එම උද්‍යානයටම බව පවසයි. ඉන්දුනීසියාවේ දැඩිව ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශයක් වන ආච් හි අධිකරණයක් මඟින් අඳාළ දඬුවම් නියෝගය කර ඇත.

ඒ අනුව එම ප්‍රදේශයේ සමලිංගික සබඳතා බරපතළ වරදක් වශයෙන් සැළකෙන අතර එහි ක්‍රියාත්මක වන්නේ ශරියා ස්වරූපයේ නීතියක් බව ද සඳහන්.

එසේ වුවද මුස්ලිම් බහුතරයක් සිටින ලෝකයේ වෙනත් රටක එය වරදක් නොවන බවට ද එම වාර්තාවල සඳහන් කර ඇත.

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

මේ අතර මෙම කස පහර දීම සිදු කර ඇත්තේ වෙනත් අපරාධවලට ද දඬුවම් ලැබූ තවත් වරදකරුවන් 08 දෙනකු සහ පිරිසක් බලා සිටියදීයි.

සෙසු වරදකරුවන් අතර කාන්තාවන් 3ක් සහ පිරිමි 5ක් සිටි අතර ඔවුන් විවාහයෙන් පිටත ලිංගික සබඳතා පැවැත්වීමේ සහ සූදු ක්‍රීඩා කිරීමේ වරදට කස පහර ලැබීමට නියමිතව සිටි බව සඳහන්.

කෙසේ වෙතත් ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයෙන් මෙම දඬුවම හෙළාදැක ඇති බව වාර්තා වේ.

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර