නව පුහුණුකරු සනත් සියළු ක්‍රීඩකයින්ගේ කොණ්ඩේ කපලා.. තවත් වැඩක් කරලා. - (VIDEO)
By Wayomi
ක්‍රිකට් ක්‍රීඩකයින් මීට වඩා නිහතමානීව කටයුතු කරන්නේ නම් තරග පරදින විට ජනතාවගෙන් මෙතරම් බැනුම් අසන්නට සිදුනොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළා.
ඔහු පෙන්වා දෙන්නේ නූතන ක්‍රීඩකයන්ගේ යම් යම් අඩුපාඩු ඇති බවයි.
"කණ්ඩායම මීට වඩා නිහතමානී වුණා නම්... ආකල්ප වෙනස් වුණා නම් තරග පැරදුනා කියලා ලංකාවේ මිනිස්සු මෙච්චර කල් බැනලා නැහැ. මිනිස්සු හරි ආදරය කළා. ඒ නිසා දැන් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් අලුත් පුහුණුකරුවෙක් තාවකාලිකව ඇවිල්ල තියෙනවා. මට ආරංචි විදියට ඔහු පළමුවෙන්ම කරලා තියෙන්නේ ඔක්කොගේම කොණ්ඩ කපලා.... කරාබු ගලවපු එක. ඒ සියලු දේවල් කරලා තියෙනවා. මං හිතන්නේ සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරද්දි ඔවුන් හොඳ විනයක් ඇතුව ක්‍රීඩා කළා. ඔවුන් ආරම්භය හොඳින් මතක තබාගෙන හිටියා. දැන් ඉන්න නූතන ක්‍රීඩකයන්ට පුංචි අඩුවක් තියෙනවා."