තමන්ට හිතවත් පාතාලයා අත්අඩංගුවට ගත් නිසා හිටපු ජනපති විශේෂ පොලිස් ඒකකයට දුන් දඬුවම.
By Wayomi
තමන්ට හිතවත් පාතාල නායකයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උරණ වී ජනාධිපතිවරයෙකු විසින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ පොලිසියේ විශේෂ ඒකකයක් විසුරුවා හැරීමේ සිදුවීමක් පිළිබඳ වාර්තා වෙනවා.
youtube නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් මෙම කරුණු අනාවරණය කර තිබුණා.

ක්ලබ් වසන්ත අවසන් ගමන් යද්දී කන්ජිපානි දැමු සාදයට ගිය අයගේ පින්තූර එලියට. - රට පැන්න IP දුමින්දත් සිටි.? - (VIDEO)
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිධුරය දරන සමයේ ඇයට හිතවත් පාතාල නායකයෙකු වන බැද්දගානේ සංජීව නැමති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එවකට තමන් රාජකාරී කළ පොලිසියේ විශේෂ ඒකකයක් ජනාධිපතිවරියගේ නියෝගයකට අනුව සී සී කඩ විසුරුවා හැරුණු බව ඔහු එහිදී අවධාරණය කර සිටියා.