මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තවමත් 01 හිමි වෙයි..සතුටුදායක ආරංචියක්!!.

Report

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අර්ධ ශතක රැස්කර ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබෙනවා.

ඒ අනුව, මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට තරග 5කට සහභාගි වී ඇති පැතුම් එහිදී අර්ධ ශතක 4කට හිමිකම් කීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

ඔහු මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 243ක් වේ.

මේ අතර, ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වනු ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ට කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව හිමිවනු ඇති බවයි පැවසෙන්නේ.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, හෙට (30) දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තරගය සඳහා කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරනු ඇති බවයි.

කුසල් මෙන්ඩිස් වෙනත් කණ්ඩායමකට එක් වෙයි..Facebook සටහනක් තබමින් තහවුරු කරයි...

කුසල් මෙන්ඩිස් වෙනත් කණ්ඩායමකට එක් වෙයි..Facebook සටහනක් තබමින් තහවුරු කරයි...


Gallery