දුනිත් වෙල්ලාලගේ පියා වෙනුවෙන් ක්‍රිකට් පිටියේදී කළු පටි පැළද නිහඬතාවයක
අද (20) දින තරගයේ දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස තරගයේ ජාතික ගීයන් වාදනය කිරීමට පෙර විනාඩියක නිහඬතාවයකට යොමු විය.
මෙම නිහඩ ගෞරවයට ශ්‍රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයන් එක් වූ අතර විනිසුරු ඇතුළු සියලුම ක්‍රීඩකයෝ කළු අත් පටි පැළඳ මෙම අවස්ථාවට මුහුණ දුන්හ.
දුනිත් වෙල්ලාලගේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ ජාතික රාජකාරියේ යෙදී සිටියදී තම පියාගේ අභාවය පිළිබඳ ආරංචිය ලැබීමෙන් පසු 18 දින ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ දීප්තිමත් තරුණ ක්‍රිකට් දක්ෂයකු වන 21 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයා වටා ක්‍රිකට් ප්‍රජාව සහ රසිකයන් එක්රැස් වී ඔහුට සහයෝගය ලබා දෙයි.
