මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට ඒමට විශේෂ අවස්ථාවක්..ගැඹුරු අධ්‍යනයකින් හෙළි වූ දේ..

Report

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවක් තවමත් ඇත්දැයි ගැඹුරින් සලකා බැලීමේදී, එවන් අවස්ථාවක් ඉතිරිව තිබේ.

ඒ අනුව ඉතාම සියුම් අවස්ථාවක් පමණක් ඒ සඳහා ඇති බව ඔවුන් නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සදහා ඉතිරිව ඇති තරග දෙකම ශ්‍රී ලංකාව ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමත් එම තරගවලදී ප්‍රතිවාදීන් ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමත් අනිවාර්ය වන බවයි ගැඹුරින් නිරීක්ෂණය කරන්නන් පවසන්නේ.

එමෙන්ම නවසීලන්ත කණ්ඩායම ඉදිරි තරග දෙකම පරාජයට පත් විය යුතු ද වේ.

ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින අනෙක් රටවල් ද ප්‍රසාද ලකුණු අටක් සම්පූර්ණ කිරීමට හැකි වුවත් දළ ලකුණු ලබාගැනීමේ වේගය පහළ මට්ටමක පැවතුන හොත් පමණක් ශ්‍රී ලංකාවට එම අවස්ථාව හිමිවන බවයි ඔවුන් පවසන්නේ.